Skip to content

නව "කෙතල" විශෙෂයක් ගාල්ලෙන් හදුනා ගැනේ.

ශ්‍රී ලංකාවට ආවේණික නව කෙතල විශේෂයක් ගාල්ල - හියාරේ ප්‍රදේශයේදී හදුනා ගන්නට පර්යේෂකයින් කණ්ඩායමකට හැකිවී ඇත.

නව හදුනා ගැනීමත් සමග මෙරට කෙතල ප්‍රමණය 14 දක්වා ඉහළ යන අතර, ඉන් වර්ග 13 ක්ම මෙරටට ආවේණික ඒවා වීම විශේෂත්වයක්.

පේරාදෙණිය විශ්වවිද්යාලය, ජාතික ශාකාගාරය, පේරාදෙණිය සහ අනිකුත් ශාකාගාර, ආචාර්ය කාන්චි ගාන්ධි හාවඩ් විශ්වවිද්යාලය මෙම පර්යේෂණය සදහා සහාය ලබා දී ඇත.

සිදු කර ඇති කෂේත්‍ර කටයුතු සහ ශාකාගාර නිදර්ශක අධ්‍යයනය කිරීමේදී මෙම විශේෂය "කෙකටිය" වර්ගයක් ලෙස මුලින්ම හදුනා ගෙන ඇත. තව දුරටත් කර ඇති පරීක්ෂණ වලදී මෙම විශේෂය Lagenadra koenigii ලෙස හදුන්වා ඇත. අනතුරුව එම ශාඛ විශේෂය සම්න්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කරනන්නට පර්යේෂකයින් කටයුතු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ශාඛ විශේෂය Lagenandra limbusleviterapertae හෙවත් "හියාරේ" කෙතල විශේෂයක් බවය.

Limbusleviterapertae යනුවෙන් මෙම කෙතල විශේෂය නම් කර ඇත්තේ ශාඛයේ ඇති ලාක්ෂණික රූප විද්‍යාව පදනම් කරගෙනය.

Latest