Skip to content

එංගලන්තයට හොරෙන් පනින ශ්‍රී ලාංකිකයන්ට අලුත් වැටක්

ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට අනවසරයෙන් සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ සඳහා බ්‍රිතාන්‍ය පොලිසිය zoom  ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අදාල නීතිරීති පිළිබඳ දැනුවත් කිරීම සිදුවනු ඇති.

මෙරට සංචාරයක නිරත පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මලර් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවී ඇති අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මියද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  සැකපිට අත්අඩංගුවේ පසුවන සිවුදෙනෙකු පිළිබඳව සහ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා කර තිබෙනවා.

Latest