වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ජූලි මස 4දා වැඩ භාරගත්තේය. ඒ එහිදී පැවති සර්ව ආගමික කටයුතු වලින් අනතුරුවය.
ගොවි ජනතාවට විශාල සේවයක් කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 40 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර 30 ක වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවා කාලයෙන් පසු ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්ව ඇත.
නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉංජිනේරුවරයෙකු වශයෙන් 1995 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සේවයට බැඳී ඇති අතර අනතුරුව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙසත් ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරු ආයතනයේ වාරිමාර්ග අධ්‍යක්ෂක ලෙසත් වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙසත් මෙන්ම මින්නේරිය පුත්තලම යන වාරිමාර්ග කාර්‍යාලය වලත් සේවය කර ඇති අතර ඔහු මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් ද කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත.
වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් M.D.L.Jayalal මහතා ඇතුළු හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඉංජිනේරුවරුන් ඇතුළු පිරිසක් මෙන්ම අජිත් ගුණසේකර මහතා ගේ පවුලේ පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූහ

