Skip to content

රටේ සියලුම ජනතාවට නව ඩිජිටල් හැඳුනුම්පතක්.!

රටේ සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම මෙන්ම රට ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් “DIGIECON 2030” වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍ය වරයා කියයි.

තවද කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්ව විද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දි සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සදහන් කළේය.

එහිදී තවදුරටත් අදස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒමට කටයුතු කරනවා. රටේ ඩිජිටල් ආර්ථික නියාමන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ වැඩසටහනක් ද අප අරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයකට ගෙන යෑම සඳහා  මෙම ඔක්තෝබර් මස මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DIGIECON SRI LANKA 2023 – 2030 වැඩසටහන දියත් කෙරෙනවා. ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ඇතුළු අංග ගණනාවකින් සමන්විතයි.”

Latest