Skip to content

තැපෑලටත් අළුතෙන් පනතක්!

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඉදිරි වසර දෙක ඇතුළත තැපෑල ඩිජිටල් කර ලාභ ලබන තත්ත්වයක් නිර්මාණය කරන බව පවසන ශාන්ත බණ්ඩාර මහතා තවදුරටත් පවසන්නේ  මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත් 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින හෙයින්  කඩිනමින් එය සංශෝධනය කරන බවත් එහි කටයුතු මේ වන විටත් 80%කින්  අවසන් කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

Latest