තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට 29 අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12 ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.
සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයකු වන කමල් බෙලිගල්ල ගේ හා මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්.එම්.අනුර යන අයගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වාහන අළෙවි ස්ථානය මෙයට මාස කිහිපකට පෙර හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් පොලී මංගල නොහොත් මංගල ගුණවර්ධනට අයත් එකකි