සී ෂෙල්ස් හී මෙරට මහ කොමසාරිස් ලලටිනා අකොෂි මහත්මිය සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් පසුගිය 04 සෙඛ්‍ය අමාතයාංශයේදී වෙනිදා පවත්වන ලදි.
දෙරටේ වත්මන් ආර්ථික,සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් මහ කෙමසාරිස්වරිය සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.
95,000 ක් පමණ ජනගහනයක් වාසය කරන සී ෂෙල්ස් රාජ්‍ය ප්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි.ශ්‍රී ලංකිකයින් 2000 ක් පමණ පිරිසක් මේ වන විටත් සී ෂෙල්ස් හී සේවය කරති.පසුගිය කාලයේ ගෝලීය වසංගතයක් වූ කෙවිඩ් හේතුවෙන් තම රාජ්‍යද විශාල පසුබෑමකට ලක්වූ බව සී ෂෙල්ස් මහා කොමසාරිස් ලලටිනා අකොෂි මහත්මිය මෙම හමුවේදී පවසා ඇත.
ශ්‍රී ලංකාවද පසුගිය කොවිඩ් සමයේ දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ නමුත් මේ වන විට ඉන් කිසියම් ප්‍රමාණයකට මිදෙමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම හමුවේදී සදහන් කර ඇත.
