Skip to content

වන සතෙකුට ඇටවූ ගිනි අවිය මුරකරු ගේ පාදයක් අහිමි කරලා....!

වන සතෙකුට ඇටවූ ගිනි අවියකට බිලිවීමෙන් තුවාල ලැබූ අයෙකු ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

15 වැනිදා අළුයම 2.00 ට පමණ නාත්තන්ඩිය - තබ්බෝව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

ගිනි අවියට බිලි වීම හේතුවෙන් තුවල ලබා ඇත්තේ නාත්තන්ඩිය - තබ්බෝව ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි වික්‍රමාරච්චිලාගේ අජිත් චමින්ද(අවු:48) නම් අයෙකි.

නාත්තන්ඩිය - තබ්බෝව ප්‍රදේශයේ ඇති අක්කර 150 ක්  විශාල ඉඩමක අක්කර 50 ක් බලා ගැනීමේ කටයුත්ත තුවාල ලබා ඇති මුරකරුට පැවරී තිබී ඇත.ඒ අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලමින් වත්තේ ගමන් කරමින් සිටින විට මුරකරු ගිනි අවියට බිලි වී ඇති බව පොලීසිය කියයි.ගිනි අවියට බිලිවීම හේතුවෙන් මුරකරුගේ දකුණු පාදයට බරපතල හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ගිනි අවිය වන සතුන්ට අටවා ඇත්තේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest