ආවරණය කරන ලද ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ තොගයක් පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
16 වෙනිදා අළුයම 5.30 ට පමණ කරුවලගස්වැව - පාවට්ටාමඩුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුවද වැටලීම කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මීගමුව - තිඹිරිගස්කටුව සහ කොච්චිකඩේ - වැලිහේන පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.
බීඩි කොළ ඇසිරූ පොලිතින් උර 56 ක් වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙම බීඩි කොළ තොගය ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.
බීඩි කොළ තොගය, ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත.