Skip to content

අපනයනය කරන තේ වලට බලපත්‍ර ගාස්තුවක්!

අපනයනය කරන සෑම නිමි තේ කිලෝග්‍රෑම් එකක් සඳහාම රුපියල් 3 ක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.

තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දීම සෑම ලියාපදිංචි තේ අපනයනකරුවකු විසින්ම මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියම කර ඇත්තේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව මීට අදාළව  අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Latest