කළු පැහැති කිසියම් තෙල් සහ තාර වැනි ද්‍රව්‍යක් බටහිර වෙරළට විශාල වශයෙන් ගොඩ ගසන්නට පටන් ගෙන ඇති බව ධීවරයින් සදහන් කරයි.
මීගමුවේ සිට කල්පිටිය - නොරචෝලේ දක්වා මෙම ද්‍රව්‍යයන් දක්නට ඇති බව සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය තහවුරු කළේය.
18 වෙනිදා පෙරවරුව වන විට ඉතාමත්ම සුළු වශයෙන් මෙම ද්‍රව්‍යයන් වෙරළ තීරය තුළ දක්නට ලැබුණි. නමුත් එදින සවස් කාලය වන විට මෙම ද්‍රව්‍යයන් විශාල වශයෙන් ගොඩ ගසන්නට පටන් ගත් බවද ධීවරයින් කියයි.
ඇලෙන සුළු තත්ත්වයක පවතින මෙම ද්‍රව්‍යයන් මුහුදට එකතුවී ඇත්තේ කුමන අකාරයයකට යන්න තහවුරු වී නොමැති බව සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය සදහන් කරයි. මේවා කිසියම් නැවකින් පිට කර ඇති ද්‍රව්‍යයක්ද, එසෙත් නොමැති නම් කර්මාන්ත ශාලාවකින් මුහුදට ගෙනවිත් දැමූ ඒවාද යන්න තහවුරු වී නොමැති බවද ඔවුන් කියා සිටී.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පැමිණ වෙරළට ගොඩ ගසා ඇති ආගන්තුක ද්‍රව්‍යයන් පිළිබදව සොයා බලන ආකාරයක් දක්නට ලැබුණි.




