Skip to content

මහා පරිමාණයේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානයක් වටලයි.

හික්කඩුව පොලීසිය විසින් කරනු ලැබූ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ මත්පැන් පෙරීමට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව පොලීසියට ලද තොරතුරුක් මත, ගෝනාපීනුවල පොලිස් වසමට අයත් පිංකන්ද, පදිංචි කරුවෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පොලීසිය විසින් නිතිවිරෝධි මත්පැන් (කසිප්පු) මිලිලීටර 39,000 ක් ගෝඩා මිලිලීටර 810,000 සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් වසරක පමණ කාලයක තිස්සේ ඔහුගේ නිවසේ කාමරයක් තුල මෙම මත්පැන් පෙරීමේ කාර්ය කරගෙන ගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිවී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු 08 (සෙනසුරාදා) දින ගාල්ල මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 (සදුදා) දක්වා බන්ධනාගාර ගතකිරීමට නියෝග කා ඇත.

මෙම වැටලීම සදහා හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි, දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පො.ප. ප්‍රභාත් ගුණසේන,පො.කො. කුමාර (99944) , පො.කො. මධුවන්ත (103228) පො.සැ.තිළකසිරි (39335) සහභාගි වී ඇත .

Latest