Skip to content

මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට විශාල පිරිසක්.

ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික ආඩි මංගල්‍ය දිව්‍ය පූජා දේව මෙහෙය වෙනුවෙන් කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයේන් අති උත්සවාකාරයෙන් ඊයේ (02) දින පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක මණ්ඩලය පවසා සිටියේය.

අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය ඊයේ (02) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙයන් වෙනුවෙන්, කොළඹ අගරදගුරු පදවියේ සභානායක අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණෝ මන්නාරම් රදගුරු අතිඋතුම් එමානුවේල් ප්‍රනාන්දු, යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර අවසන් දේව මෙහෙය අවසන් වීමෙන් අනතුරුව මරඳමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයකද රැගෙන යන ලදි..

මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික ආඩි දේව මෙහෙය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් ලක්ෂ 5 කට අධික පිරිසක් සහභාගී වීමද විශේෂත්වයකි.

මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවහ්‍ය පියවර ගෙන තිබුණි.

Latest