Skip to content

මොරටුව සිසුවිරු විදුහලට දානපතියන්ගේන් ඉඩමක්

මොරටුව ගොරකාන සිසුවිරු විද්‍යාලයට අභිමානයක් එක් කර දෙමින් ප්‍රදේශයේ  දානපතියන්ගේ මූල්‍ය  පරිත්‍යාගයෙන්  මිලදීගත් ලක්ෂ 40ක වටිනාකමකින් යුත් පර්චස් 24කින් සමන්විත  එම පාසලට යාබදව පිහිටි ඉඩමක්, රජයේ භාරකාරත්වයට  පත් කිරීම  මැයි මස 23දා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්  රොෂාන් ගුණතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

මෙහිදී පාසැලේ විදුහල්පති පූජ්‍ය කිරින්දේ පවර සෝම හිමියන් විසින් එම භූමියේ ඔප්පුව ආණ්ඩුකාරවරයා වෙත ලබාදීම සිදුවූ අතර අනතුරුව  එය රොෂාන් ගුණතිලක මහතා විසින්  කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා  වෙතට භාර දෙන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ , කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් යූ.වික්‍රමාරච්චි, පානදුර උතුර පොලිස් ස්ථානාධිපති සංජීව ලක්මාල් , ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Latest