Skip to content

යාපනය නයිනතිව් දූපතේ දේව මංගල්ලයට ජන ගඟක්

යාපනය නයිනතිව් නාගපූසනී අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය මෙවරද අති උත්සවාකාරයෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

නයිනතිව්හි නාගපූසනී අම්මාන් කෝවිලේ දේව ප්‍රතිමාවක් පසුගියදා යාපනය නගරයේ ඉදිකිරීමක් සම්බන්ධයෙන් දැඩිකතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතරම මේ නිසාම මෙවර වාර්ෂික දේව මංගල්ලය වෙනුවෙන් බැතිමතුන්ගේ පැමිණීම දෙගුණයකින් වැඩි වී තිබුණි.

හින්දු චාරිත්‍රයන්ට අනුව නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රධාන දේව මෙහෙය අලුයම 4ට ආරම්භ වී පෙරවරු 7 වනතුරු පැවත්වූ අතර ඉන් පසුව දේව රථය රැගෙන යාම පෙරවරු 08 ට ආරම්භ විය.

නයිනතිව් දූපතේ පිහිටි නාගභූෂණී අම්මාන් කෝවිලේ දේව පූජාවන් වෙනුවෙන් සිංහල ජනතාවද සහභාගී වීම විශේෂ වන අතර නාගදීප චෛත්‍ය වැඳපුදා ගැනීමෙන් අනතුරුව නාගභූෂණී අම්මාන් කෝවිලේ දේව පූජාවන් සඳහාද සහභාගී වීම සිදුවෙයි.

Latest