Skip to content

උවැසි උවැසියන්ට කොස් පැල දන්සැලක්.

මෙවර රාජ්‍ය උත්සවය හලාවත - කබැල්ලෑවල පිහිටි රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ සිල් සමාදම් වූ උවැසි උවැසියන්ට කොස් සහ අඹ පැල බෙදා දීමේ වැඩසටහනක් වෙසක් පොහොය දිනයේ දී පවත්වන ලදි.

මිහිජය පරිසර සංවිධානය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

කබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරාධිපති පුජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැල බෙදා දීම සිදු කරන ලදි.

Latest