ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අද (ජුනි 26) පැවති සිම්බාබ්වේ සහ ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් අතර තරඟයේන් ලකුණු 304ක් දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ සිය පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 408ක් ලබා ගනිමින් ඇමෙරිකානු කණ්ඩායමට ලකුණු 409ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.
මෙහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ෂෝන් විලියම්ස් ලකුණු 174 ක් රැස් කල අතර ඒ සඳහා හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් ඇතුළත්ව තිබිණ. එමෙන්ම ඔහු ඒ සඳහා වැය කර තිබුනේ පන්දු 101ක් පමණි.

ලකුණු 409ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇමෙරිකානු ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුනු 104ක් පමණක් වන අතර ඔවුනට මුහුණ දීමට හැකිවූයේ පන්දු වාර 25.1ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 24ක් ලබා ගත් අභිෂේක් පරද්කාර් ය. ඇමෙරිකානු ක්‍රීඩකයින් 8 දෙනෙකුටම ලකුණු 10යේ සීමාවට හෝ පැමිණීමට නොහැකිවීම ඉනිමේ කැපී පෙනෙන සිදුවීමක්ද විය. තරඟයේ වීරයා සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩක ෂේන් විලියම්ස් විසින් දිනා ගැනිණ.
මේ අනුව A කාණ්ඩයේ ක්‍රීඩා කල සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇත.