Skip to content

Threads පරිශීලනයේ විශාල අඩුවීමක්.

ට්විටර් ප්‍රතිවාදියා ලෙසින් බොහෝමයක් දෙනා එවකට හඳුන්වනු ලැබූ Threads සමාජ මාධ්‍ය ජාලය​ දැඩි ප්‍රචාරණයන් සහ වාර්තාගත බාගත කිරීම් සිදු වීමෙන්ද​ අනතුරුව, විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දෙන ආකාරයට මේ වන විට​ සිය පරිශීලකයින් රඳවා තබා ගැනීම සඳහා දැවැන්ත අරගලයක නිරතව සිටියි.

Threads යෙදුම භාවිතා කිරීම සහ ඒ වෙතට ඇතුළත් වීම සැළකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇතැයි පෙන්නුම් කරන අතරම වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන​ Sensor Tower සමාගම විසින් පෙන්වා දෙන්නේ මොවුන් මේ වන විට මුහුණපාන අභියෝග තවදුරටත් තීව්‍ර වීමට වුව ද යම් ඉඩක් ඇති බවටයි.

Sensor Tower ට අනුව, Threads හි දෛනික සක්‍රීය පරිශීලක සංඛ්‍යාව යෙදුම නිකුත් කල දින සිට ජූලි 31 දක්වා සලකා බැලීමේදී 82% කින් පහත වැටී ඇත. මේ වනවිට සෑම දිනකම මිලියන අටක පරිශීලකයින් ප්‍රමාණයක් පමණක් යෙදුමට ප්‍රවේශ වේ. යෙදුම නිකුත් කිරීමෙන් පසු දින සිට දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් දළ වශයෙන් මිලියන 44 ක් දක්වා සම්බන්ධ වී තිබූ පසුබිමකින් සිට ගත්විට එය විශාල පසුබෑමක් බව ද Sensor Tower විසින් පෙන්වා දී තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පරිශීලකයන් යෙදුම විවෘත කරන වාර ගණන ඉතා අඩු බවත් සහ එහි ගත කරන කාලය ද අවම මට්ටමක පවතින​ බවත්ය​.

Threads දියත් කරන දිනයේදී, යෙදුම විවෘත කිරීමේ සාමාන්‍යය අගය 14 වතාවක් පමණ වන බවත් මිනිත්තු 19ක් එය හරහා Scrolling සිදු කරන ලද බවත් සමාගම් වාර්තාවේ දක්වා තිබේ. කෙසේ වෙතත් ඔවුන් විසින් පෙන්වා දෙන්නේ මෙම අගයන් ඉකුත් මාසය අවසාන වන විටදී ක්‍රමානුකූලව පහත වැටී ඇති බවයි.

Latest