Skip to content

එවරසට් කන්ද ආසන්නයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 6ක් මරුට.

නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමේන් යානයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය පවසා සිටියි.

මෙක්සිකානු ජාතිකයින් 05 දෙනෙකු සහ නේපාල ජාතික ගුවන් නියමුවා මෙම හෙලිකොප්ටර් අනතුරින් මිය ගොස් ඇති අතරම යානය කඩාවැටීමෙන් විනාශ වූ සුන් බුන් අතර මිය ගිය අයගේ මළ සිරුරුද මේ වන විට සොයාගනෙ ඇතැයි කත්මණ්ඩු නුවර සහන සේවා නිලධාරීන් කියා සිටිති..

අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානය මෙක්සිකානු ජාතිකයින් පිරිස රැගෙන කත්මණ්ඩු වෙත පියාසර කරමින් සිටියදී එවරස්ට් කන්ද ආසන්නයේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.

යානය ගුවන්ගතවී සුළු වේලාවකට පසුව  අතුරුදන් වීමෙන් අනතුරුව සහනසේවා කණ්ඩායම් පැය කිහිපයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු හමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර නේපාල බලධාරීන් සැකපල කර සිටින්නේ එවරස්ට් කන්ද ආසන්නයේ පැවති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පාලනයෙන් ගිලිහුනු හෙලිකොප්ටර් යානය ගසක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටය.

Latest