උණ රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත කළ රෝගියෙකුට සවිකල කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයක් හේතුවෙන් එම රෝගියා මිය යෑමේ පුවතක් වාර්ථා වනුයේ ඊයේ (13) දිනයේදීය.
මෙසේ මියගොස් ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරයේ සේවයෙහි නියුතුව සිටි වයස අවුරුදු 33 ක් පමණ වූ කළමණාකාර සහායකවරෙකි.
ඔහු උණ රොගය වැලඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුලත්ව ඇති අතර එහිදී ඔහුට ඖෂධ ලබා දීම සඳහා කැනුලාවක් සවිකර ඇත. එම කැනුලාව මගින් යම් විෂභීජයක් ශරීර ගතවී ඇතිවූ ආසාද්මිකතාවයකින් ඔහු මිය ගොස් ඇති බවට විශ්වාස කරන බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
උණ රෝගය වැලඳී රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට ඇතුළත් ව ඇති මොහුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සේලයින් ඇතුළු ඖෂධ ලබාදීම සඳහා කැනුලාව සවිකර ඇත. කෙසේ වෙතත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහු සුවයක් ලැබීම හේතුවෙන් නිවෙස බලා පිටව ගොස් ඇත.
එහෙත් පසුව කැනුලාව සවිකර තිබූ අත ඉදිමීම හේතුවෙන් ඔහු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව යම් විශභීජයක් ශරීරගතවී ඇති බවට හඳුනා ගෙන ඇත. මොහු හෘද රෝගියෙකු ද බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇතත් ඔහු මිය ගොස් ඇත.
මෙම මරණය කැනුලාව මගින් ශරීරගතවූ විශභීජයක් හේතුවෙන් සිදු වන්නට හැකි බව වෛද්‍යවරුන් සැක පහල කරයි.