මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත‍්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත‍්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත‍්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්,මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත‍්‍රා රැසක් නිරීක්ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප‍්‍රහාරක යාත‍්‍රා බලඝණයේ හා ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප‍්‍රහාරක යාත‍්‍රා යොදවා එම ධීවර යාත‍්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත‍්‍රා දෙකක් 02 සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු 15 මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත‍්‍රා දෙක 02 සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පහළොස් දෙනා, කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.


