මෙරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මෙහි අරමුණින් ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන ආධාර සංවිධානය (AFD) හා ඒකාබද්ධ මූල්‍ය ගිවිසුම අත්සන් කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
මේ හරහා යුරෝ මිලියන 9.8 ක් ප්‍රදානය කිරීම සිදුවන අතර රාජ්‍ය මූල්‍ය පිළිබඳව විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සහාය වීම බවයි අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.
විගණන සැලසුම්කරණය, තත්ත්ව සහතිකය, කාර්ය මණ්ඩල ධාරිතාව, විගණන ක්‍රියාවලියට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම මෙන්ම විශේෂිත විගණන සහ ප්‍රසම්පාදන වැනි පරිසරයන් සම්බන්ධ ක්ෂේත්‍රවල ශක්තිමත් පාලනයක්, වැඩි වගවීමක් සහ වැඩිදියුණු කළ ආයතනික ධාරිතාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම මගින් සමස්ත වගවීමේ රාමුව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිතයි.