Skip to content

ප්‍රංශයේ විද්‍යුත් චුම්භක පර්යේෂණ නැවක් කොළඹට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lome’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට ලඟා වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානන්ට අනුව උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය..

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Electromagnetic Research Vessel වර්ගයට අයත් ‘Dupuy de Lôme’ නෞකාව, දිගින් මීටර් 102.40 ක් හා  බලමුළුව 107 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Augustin Blanchet කටයුතු කරනු ලබයි..

එමෙන්ම, ‘Dupuy de Lôme’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර,  නෞකාව 2023 ජුනි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

මේ අතර ගෙවී ගිය දින කිහිපය තුලදී පකිස්ථානය සහ ඉන්දියාව ඇතුලු රටවල් රැසක විශේෂ නෞකා කිහිපයක්ම මෙරට මුහුදු තීරයට ලඟා වූ අතර එමගින් රටවල් අතර පවත්නාවූ සබඳතාද වර්ධනය කරගැනීමට එම මහත් පිටුවහලක් වන බවටද නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest