ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින 11 වනදා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව උත්සවාකාරයෙන් පිළිගැනීම සිදුකෙරුණි..
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Air – defence Multipurpose frigate (ගුවන් ආරක්ෂක බහුකාර්ය) වර්ගයට අයත් ‘LORRAINE’ නෞකාව, දිගින් මීටර් 142.20 ක් හා නැව් මුළුව 154 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරනු ලැබීය. .


ප්‍රංශ නෞකාව පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.
එමෙන්ම, ‘LORRAINE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, ‘LORRAINE’ නෞකාව 2023 ජුලි මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව ඇත.





