ව්වනියාව කන්දේ නාවක්කුලම කදු වැටිය ආශ්‍රිතව ඇතිවූ ගින්නක් හේතුවෙන් එම කදුවැටිය ආශ්‍රිත රක්ෂිතයේ අක්කර 45 ට අසන්න භුමි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශවී තිබේ. මෙම ප්‍රදේශයට බලපෑ ඇති දැඩි වියලි කාලගුණික තත්වයත් සමග ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබේ. කිසියම් අයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වනරක්ෂණ නිලධාරීන් සක පල කරන අතර වවුනියාව නගර සභාවේ ගිනි නිවන රථ ගෙන්වා දැඩි පරිශ්‍රමයක් දරා සවස් වන විට ගින්න පාලනය කර තිබේ. මෙම රක්ෂිතය ආශ්‍රිතව දුර්ලභ ගනයේ සතුන් විශේෂ රැසක් සේම විවිධ වර්ගයේ ශක විශේෂ රැසක් පවතී. කෙසේ වෙතත් අදාල ගිනි ගැනීම හේතුවෙන් වනාන්තරයේ විශාල වපසරියක් මුළුමනින්ම ගින් ගෙන තිබේ. අදාල ගින්න පාලනය කිරීමට වවුනියව ප්ධකලමනකරන නිලධාරීන් , වනසංරක්ෂණ නිලධාරීන්, වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල්ධ්‍රින්ගේ හා ගමවසියන්ගේ සහය ලැබුණු අතර ඒ හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම පාලනය කිරීමට හැකිවිය. කෙසේ වෙතත් අධාල නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලන්නේ මේ දිනවල රක්ෂිත වනාන්තර ආශ්‍රිතව ගිනි තැබීමෙන් වලකින ලෙසයි