Skip to content

කුරුණෑගලින් කෝටි 990ක මූල්‍ය වංචාවක්..

වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000 ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක්,  කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනයක් මගින් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කරයි.

එම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසුව වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවට කරුණු හෙලිවූ බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

තවදුරටත් අනාවරණ වන පරිදි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවත් එම සමාගමේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවන පොලීසිය කියයි.

එම ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය සමාගම මේ වනවිට මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර සමාගම ආරම්භයේදී මසකට සියයට 06%ක පොලියක් ලබාදී පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර ඇති බව මෙම මූල්‍ය වංචාවට හසුවූ පිරිස් විසින් පොලීසියට අනාවරණය කොට තිබේ.

එම මුල්‍ය සමාගමේ කළමනාකරු ලෙස තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු කටයුතු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර සමාගමේ හිමිකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Latest