Skip to content

ගම්වැදුනු වන අලියා නිසා ගොවියට ඇගිලි දෙකක් අහිමි වෙයි.


වවුනියාව කල්ලිකුලම සිදම්රපුරම් ප‍්‍රදේශයේදී ගම්මානයට කඩා වැදුණු වන අලින් රංචුවක් පලවා හැරීම සදහා අලි වෙඩිල්ලක් දැමිමට උත්සාහ කළ පුද්ගලයෙකු එය අතේ පුපුරා යෑමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. එහිදී අදාල පුද්ගලයාගේ අතේ ඇගිලි දෙකක් පමණ කැඩි විසිව ගොස් ඇති බව ප‍්‍රදේශවාසීන් පවසයි. වවුනියාව දිස්තී‍්‍රක්කයේ බොහෝ ප‍්‍රදේශවලට නිරන්තරයෙන් වන අලි තර්ජන පැවතියත් බලධාරීන් ඊට ස්ථිර විසදුම් ලබා දීමට අපොහොසත්ව ඇති බවට ප‍්‍රදේශවාසීන් මැසිවිල නගති.
තවද මෙසේ කඩා වදින වන අලින් හේතුවෙන් සිය ජීවන වෘත්තිය වන කෘෂිකර්මාණ්ත කටයුතු සිදු කිරමට දැඩි බලපෑමක් සේම තම ජීවිත වලටද තර්ජනයක් බව ප‍්‍රදේශවාසීන් පවසයි.

Latest