Skip to content

මෙරට පවුලක් සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැන යයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුධ හේතුවෙන් බව පවසමින් මෙරට තුළ සිට එකම පවුලකට අයත් පුද්ගලයින් සිව් දෙනකු ඉංදියාවේ සරණාගත භාවය පතා ඉංදියාවට ඇතුළුව ඇති බව තමිල්නාඩු බලධාරීන් පෙන්වා දෙයි.
ඔවුන් 31 දා මෙසේ ඉංදියාවේ ධනුෂ්කෝඩි අරුචල්මුනේ වෙරළෙන් ඉංදියාවට ඇතුළුවු බව ඉංදියානු වෙරළාරක්ෂක බලධාරීන් නිවේධනය කරයි.
ඒ අනුව ඉංදියානු වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් මණ්ඩපම් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර මෙලෙස ඉංදියාවේ සරණාගත භාවය පතා ගොස් ඇත්තේ එකම පවුලකට අයත් සැමියා බිරිද සහ දරුවන් දෙදෙනා බව ඉංදියානු ඉලධාරීන් පෙන්වා දෙයි.
ඒ අනුව මෙරට ආර්ථික අර්බුධ හේතුවෙන් මේ දක්වා ඉංදියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයට සරණාගතයින් ලෙස පුද්ගලයින් 269 පැමිණ ඇති බව තමිල්නාඩු බලධාරීන් පෙන්වා දෙයි.

Latest