Skip to content

වගා බිමට තෙල් ඉසින්න ඩ්‍රෝනා යනාවක්.

අපේ රටේ වගාවන් සදහා අසීමිත ලෙස කෘෂි රසායණික ද්‍රව්‍ය යොදන බවට වන චෝදනාවක් පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි. මෙම තත්ත්වයට විසදුම් සෙවූ ඇතමුන් සිදු කළේ කෘෂි රසායණික ද්‍රව්‍ය මෙරට භාවිතා කිරීම අඩු කිරීමට කටයුතු කිරීමය. ඒ නිසා සිදු වූයේ අපේ රටේ කෘෂිකර්මාන්තය බිමට කඩා වැටීම බව සත්‍යයකි.

වගා බිම් වලට යොදන කෘෂි රසායණික ද්‍රව්‍ය වැඩි වශයෙන් එකතු වුනේ පරිසරයටය. ඒ නිසාම පරිසරය විනාශ වී ගිය බව සත්‍යයකි. පරිසරයත් රැකගෙන අඩු වියදමකින් වගාවන්ට අවශ්‍ය කෘෂි රසායණික ද්‍රව්‍ය යෙදීමට හැකි ඩ්‍රෝනා යානාවක් තරුණයෙකු විසින් නිෂ්පාදනය කර ඇත.

රාගම ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු වන ඔහු නමින් සංකල්ප ද සිල්වා ය. විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුළ අක්කර 2 ½ ක වගාවකට කෘෂි රසායණික යෙදිය හැකි බව සංකල්ප සදහන් කරයි. 2015 වසරේ සිට සිදු කරන ලද විවිධ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස නව ඩ්‍රෝනා යානාව නිර්මාණය කිරීමට සංකල්පට හැකි වී ඇත. තම ඩ්‍රෝනා යානාව යොදා ගෙන මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වල වගාවන්ට කෘෂි රසායණික ද්‍රව්‍ය යෙදීම තමන් විසින් සිදු කරන බවද හෙතෙම සදහන් කරයි.

කුඹුරු මෙන්ම පොල් ඇතුළු ඕනෑම වගවකට අවශ්‍ය කෘෂි රසායණික ද්‍රව්‍ය අරක්ෂාකාරීව තම යානාව මගින් විසුරුවා හැරිය හැකි බවද සංකල්ප සදහන් කරයි.

"මේ ඩ්‍රෝනා යානාව මගේම නිර්මාණයක්. ඒ විතරක් නෙමෙයි මේ තමයි ලංකාවේ තියන ලොකුම ඩ්‍රෝනා යානය. මේ යානය උපයෝගී කරගෙන කෘෂි රසායණික ද්‍රව්‍ය 60% ක් ඉතිරි කර ගන්නත් පුළුවන්. මේ ආකාරයට බැළුවහම අපේ රට තුළ සිදු වන අසීමිත කෘෂි රසායණික ද්‍රව්‍ය යෙදීම පාලනය කිරීමටත් මේ යානය භාවිතා කිරීමෙන් හැකියාව ලැබෙනවා. ඒ තුළින් පරිසරයට සිදුවන හානියත් අඩු කර ගන්න පුළුවන් කම තියනවා. මම දැනට මේ යානාව උපයෝගී කරගෙන මහවැලි කලාපයේ ගොවීන්ට අවශ්‍ය සහාය ලබා දෙනවා." සංකල්ප කියා සිටියේය.

සංකල්ප ද සිල්වා ඉදිරිපත් කර ඇත්තේ හොද සංකල්පයකි. එම සංකල්පය ලත් තැනම ලොප් වීමට ඉඩ නොදී රට පුරා ව්‍යාප්ත කිරීම නගකිව යුත්තන්ගේ වගකීම වන්නේය.

Latest