Skip to content

සීග්‍රයෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් රට පුරා.

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

රටේ ජන ජීවිතයට විශාල හානිකර බලපෑමක් එල්ල කරමින් මේ වනවිට පැතිර යන වැලිමැස්සා නම් පරපෝෂිත කෘමියාගෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එම වැලිමැස්සා නම් කෘමියා මේ දිනවල හසලක හා මහියංගනය යන ප්‍රදේශවල බහුලව දැකිය හැකි බවත් දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බවද සදහන්.

මෙම කෘමියා රාත්‍රියේදී හා සවස් කාලයේදී ශරීරයේ නිරාවරණය වූ ස්ථානවලට දෂ්ට කර ජලය රැඳෙන සිසිල් ස්ථානවල බිත්තර දැමීම සිදුකරන බවත් වේදනාවක්, තුවාලයක් හෝ ගැටිත්තක් වැනි දෙයක් වැලි මැස්සා දෂ්ට කළ ස්ථානයක් ලෙස සැක කළ හැක බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එම රෝග ලක්‍ෂණ පවතී නම් රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු බවත් එම චර්ම රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම පවතින බවද  සදහන්.

එනිසා නිවාස පරිශ්‍ර හා ගෙවතු මෙන්ම ආයතන පරිශ්‍ර හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මගින් මෙම වැලි මැස්සා බෝවීම පාලනය කර ගත හැකි බවද චර්ම රෝග පාලන අංශ විසින් පෙන්වා දී තිබේ.

Latest