Skip to content

UN සාමසාධක රාජකාරියේ යෙදුනු ශ්‍රීලංකා රථ පෙලක් බිම් බෝම්බයකට හසුවෙයි. ‍සෙබලු 3කට තුවාල

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නිරතව සිටින යුදහමුදා ආරක්ෂක රථපෙලක එක් රථයක් බිම්බෝම්බයකට හසුවීමෙන් සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බවට වාර් ථා වෙයි..

මාලි රාජ්‍යෙය් ගාවෝ සිට ටෙසාලිට් කඳවුර දක්වා භාණ්ඩ ප්‍රවාහන රථපෙලකට  ආරක්ෂාව සැපයීමට එරට සාමසාධක රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා සෙබලුන් හට පැවරී තිබුණු අතර අදාල භාණ්ඩ ප්‍රවාහන රථපෙල ටෙසාලිට් කඳවුරට කිලෝමීටර් 15 ක් නුදුරින් ගමන්කරමින් සිටියදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවට අනාවරනය විය..

එහිදී භාන්ඩ ප්‍රවාහන රථ පෙලට ආරක්ෂාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ රථ පෙළක් ද ඉදිරියෙන් සහ පුසපසින් ගමන්කරමින් සිටින අතරවාරයේ එක් රථයක් මාර් ගයේ අටවා තිබූ බිම්බොම්බයකට හසුවීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී එක් යුදහමුදා නිලධාරියෙකු සහ තවත් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වන යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක රවී හේරත් පවසා සිටියේ,

''මේ බෝම්බ පිපිරීමෙන් යුදහමුදා නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් තිදෙනාම ටෙසාලිට් කඳවුර වෙත ගෙනඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුන්වන මට්ටමේ රෝහලක් වෙතට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බෝම්බ පිපිරීමෙන් පසුව සියලුම භාණ්ඩ ප්‍රවාහන රථ මෙන්ම සන්නද්ධ රථද කිසිදු කරදරයකින් තොරව නිරුපද්‍රිතව ටෙසාලිට් කඳවුර වෙතට රැගෙන ඒමටද කටයුතු කර තිබෙනවා'' . යනුවෙනි  

Latest