Skip to content

චීන ධීවර යාත්‍රාවක් පෙරලී 39 ක් අතුරුදහන්

චීන ධීවර යාත්‍රාවක් කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්ව එහි ගමන්ගත් 39 දෙනෙකුම මේ වන විට අතුරුදහන්ව ඇතැයි විදෙශ් මාධ්‍ය මගින් පෙන්වා දෙයි.

විපතට පත් වූවන් බේරාගැනීම සඳහා උදව් කරන ලෙසට චීනය විසින් ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් තානාපති කාර් යාල හරහා උදව් ඉල්ලා ඇත.

ධීවර යාත්‍රාව පෙරලෙන විට එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.

කෙසේ වෙතත් මේ වන විට බේරාගැනීමේ කණ්ඩායම් රටවල් කිහිපයකින්ම පිටත් කොට යවා ඇති අතර අදාල කණ්ඩායම් එම ස්ථානයට ලඟාවී ඇති අතරම බේරාගැනීමේ ක්‍රියාන්විතය කඩිනමින් සිදුකරන බවටද නිවේදනය කොට ඇත.

ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සුලි කුණාටුවකට හසුවීම හෝ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි චීන බලධාරීන් සැකපල කර සිටියි.

Latest