Skip to content

ජපන් තානාපති පිළිගැනීමේ උත්සවයේදී කිලිනොච්චියේ දරුවෙකු ඇඳ වැටෙයි.

කිලිනොච්චිය,ස්කන්දපුරම් විද්‍යාලයේ ජපන් රජයේ ආධාර යටතේ ඉදිකළ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි මෙරට ජපාන රාජ්‍ය තානාපතිවරයා පිළිගැනීමේ උත්සයේ සිටි දරුවෙකු පිළිගැනීමේ උත්සවය අතුරතුර ඊයේ(11) ඇඳ වැටෙන අයුරු දැක ගැනීමට හැකිවිණ.

ජපාන රාජ්‍ය තානාපතිවරයා පාසලට පැමිණි අවස්ථාවේ ආරාධිතයින් පිළි ගැනීමේ තූර්ය වාදක කණ්ඩායමක් සුදානම්ව සිටි අතර, තානාපතිවරයා පැමිණි වහාම තූර්ය වාදක කණ්ඩායම  ආරාධිතයින් පිළි ගැනීමට සුදානම් විය.

එහෙත් තූර්ය වාදක කණ්ඩායමේ දරුවෙකු ක්ලාන්ත වී ඇඳ වැටුණු අතර, වහාම ක්‍රියාත්මක වු ජපාන තානාපතිවරයා හා පාසල් ගුරුවරුන් ඇතුළු පිරිස දරුවා ප්‍රතිකාර වෙනුවෙන් යොමුකෙරිණ.

සිද්ධියේදී ජපාන තානපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කළ බවද උත්සවයට පැමිණ සිටි පිරිස පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් දරුවා ක්ලාන්ත වන්නට ඇති බවට සැක කරන බවයි.

දරුවා අනතුරුව සාමාන්‍ය තත්වයට පත්ව තිබිණ.

Latest