ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඩිජිටල් විදුලි බිල් ක්‍රමය හඳුන්වා දීම ආරම්භ කර තිබේ.
ඒ අනුව එළඹෙන ජූලි 01 වැනිදා සිට ප්‍රදේශ 03ක් සඳහා මූලික අදියරේ එය හඳුන්වා දීමට නියමිතයි.
දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ ඊමේල් හරහා විදුලි බිල පාරිභෝගිකයින් වෙත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන අතර SMS මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා REG<හිස්තැනක්> පසුව ඔබේ A/C අංකය ටයිප් කර 1987 ට එවන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලය උක්ත ප්‍රදේශ වල විදුලි පාරිභෝකයින් වෙත දැනුම් දෙන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වීමෙන් ඊමේල් හරහාද බිල්පත ලබා ගත හැකිය.
මෙම ඩිජිටල්කරණය හරහා වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100ක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරයි. එය සැලකිය යුතු ලෙස පාරිසරික බලපෑමක් වන බවද ඔවුන් පෙන්වාදෙයි.
