Skip to content

මුදල් අමාත්‍යාංශයට සහ ලෝක බැංකුවට හර්ෂගෙන් අභියෝගයක්!

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙරට මුදල් අමාත්‍යාංශයට සහ ලෝක බැංකුවට අභියෝගයක් එල්ල කරයි.

ඒ, අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙනි.

අස්වැසුම ලබා දිය යුත්තේ පැහැදිලිව දරිද්‍රතාවෙන් පෙළෙන අයට වන අතර එය තෝරාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ විදුලි බිල්පත බව මන්ත්‍රීවරයා පවසයි.

විදුලි ඒකක 18ක් සහ 20ක් භාවිතා කරන සමෘද්ධිය හිමිව තිබුණු දෙදෙනෙකුට මේ වන විට සමෘද්ධිය සහ අස්වැසුම ප්‍රතිලාභ දෙකම අහිමි කර තිබෙන බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව මෙලෙස විදුලි ඒකක 18ක් භාවිතා කරන තැනැත්තා දරිද්‍රතාවෙන් පෙළෙන්නේ නැති බවට ඔප්පුකරන ලෙසයි හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශයට සහ ලෝක බැංකුවට අභියෝග කරන්නේ.

මෙලෙස සැබෑ ලෙස දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයින්ට අස්වැසුම ප්‍රතිලාභ අහිමිකර තිබීම ඉතාම අසාධාරණ බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගන්නා අවස්ථවේ ලක්ෂ 30ක ජනතාවක් දරිද්‍රතාවෙන් පෙළුණු අතර එය දැන් ලක්ෂ 70ක් දක්වා වර්ධනය වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.

Latest