Skip to content

මෙරට විශ්ව විද්‍යාලයක් තුළ පළමු වතාවට රුසියානු අධ්‍යයන කේන්ද්‍රයක්.

ශ්‍රී ලංකාවේ  විශ්වවිද්‍යාලයක් තුළ  පළමු වතාවට  රුසියානු අධ්‍යයන කේන්ද්‍රයක් ආරම්භ කිරීම හා රුසියානු භාෂාව හැදැරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කළ භාෂාගාරය සිසු අයිතියට පත් කිරීම කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන්  සිදුවිය.

රුසියානු දිනයට සමගාමීව මෙම භාෂාගාරය විවෘත වූ අතර මෙමගින් උපාධි අපේක්ෂක සිසුන් සඳහා රුසියානු භාෂා දැනුම ප්‍රචලිත කිරීම අපේක්ෂිතය.

රුසියානු දින සැමරුම නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ නවීන භාෂා අධ්‍යයනය සඳහා වන සම්බන්ධීකරණ ඒකකය (CSML) කලා පීඨයේ කන්නන්ගර ගොඩනැඟිල්ලේ නව පරිශ්‍රයේ විවෘත වූ අතර දැනටමත් මෙම දෙපාර්තමේන්තුවෙහි නවීන භාෂා වන හින්දි, ජපන්, කොරියානු සහ ප්‍රංශ භාෂාවෙන් සාමාන්‍ය උපාධි පිරිනැමිම සිදුවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මෙන්ම සහ කොළඹ පිහිටි රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂවරිය වන මරියා පොපෝවා (Maria Popova) මහත්මියගේ ප්‍රධානත්වයෙන් රුසියානු දිනය සැමරීම සනාථන මන්දිරයේදී සිදුකෙරිණි.

ඉන් අනතුරුව කලාපීඨයේ ස්ථාපිත මෙම භාෂාගාරය මරියා පොපෝවා (Maria Popova) මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර රුසියානු දින සැමරුම සඳහා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඇතුලු පිරිසක් එක් වූහ.

Latest