Skip to content

හෙළ වෙදකමට අවශ්‍යය දේශීය ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ දී විවෘත කෙරේ..

දේශීය ඖෂධ සහ ආයුර්වේද ආශ්‍රිත නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව අති විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර එම මුදල දේශීයව රැක ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරලීමේ අරමුණ පෙරදැරිව, දීප ව්‍යාප්තව දේශීය ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව රජරට කලාපයේ ගොවි ජනතාවගේ ඔසු වගාවන්හී අස්වැන්න මිලදී ගැනීම උදෙසා අනුරාධපුර නව නගරයේ මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටවූ දේශීය ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ හෙළ ඔසුසල විවෘත කිරීම පසුගියදා (ජූනි 15) දින සිදු විය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර තිබෙන මෙම වැඩසටහන යටතේ  වියළි කලාපය තුළ ගොවි ජනතාව වගා කළ හෝ මේ වන විට ඒකරාශී කර ඇති ඖෂධීය අමුද්‍රව්‍යයන් වෙළඳපොලේ තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලමින්, ජීවන තත්වය නංවාලීම සිදු කරනු ලබයි.

Latest