Skip to content

ඉන්දියාවේ කිලෝමීටර් 3ක දිග පාලමක් දෙවන වතාවටත් කඩාවැටෙයි

ඉන්දීය රුපියල් කෝටි 1710 වියදමින් ඉදිකෙරෙමින් පැවති ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දැවැන්ත පාලමක් ඉදිකෙරෙමින් තිබෙන අතරතුරදී කඩාවැටී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්ථා කර සිටියි..

කිලෝමීටර් 3.1 ක දුරකින් යුතු මෙම පාලම 2015 වසරේදී ඉදිකිරීම් ආරම්භ කොට ඇති අතර පාලමේ මංතීරු හතරකින් සමන්විත වන අතරම මෙම පාලම විවෘත කිරීමට සැලසුම් කොට තිබුනේ 2019 වසරේදීය.

කෙසේ නමුත් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සහ පැවති දේශපාලනමය තත්වයන් හේතුවෙන් ඇති වූ ගැටලු සහගත තත්වයන් හේතුවෙන් ඉදිකිරීම් කටයුතු කල්යාමට සිදුවිය.

මේ අතරතුර  පාලමේ එක් කොටසක් පසුගිය 2022 වසරේ අප්‍රෙල් මස 30වනදා මෙලෙසින්ම කඩා වැටී ඇති අතර  මෙය දෙවන අවස්ථාවටත් මෙලෙසින්ම කඩාවැටීම විශේෂ සිදුවීමක් වෙයි.

පාලම කඩාවැටෙන අවස්ථාවේදී පාලමේ සිටි එක් මුරකරුවෙකු මේ වන විට අතරමංව සිටින අතර එම මුරකරුවා සෙවීමටද ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.

කිලෝමීටර් 3කට ආසන්න දිගකින් යුතු මෙම පාලම කඩාවැටෙන අයුරු ඒ අසළ සිටි පිරිසක් විසි්න රූගත කොට සමාජ මාධ්‍යට එක්කොට තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ පාලම කඩාවැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට උපදෙස් ලබාදුන් බවටත් මේ වන විට පාලම ඉදිකිරීම් භාරව ඉන්නා අතිරේක විධායක ඉංජිනෙරුවරයා වැඩතහනමකට ලක්කොට ඇති බවත්ය.

Latest