Skip to content

මගීන් 70 ක් ගිය යාත්‍රාවක් යාපනය මුහුදේ අනතුරට ලක්වෙයි.

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් ඊයේ (23) දින මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත..

නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී  අදාල මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය නැවතී ඇති අතර එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුනවී ඇත.

පසුව අදල යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය මගින් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව නාවික හමුදාවටද දැනුම් දී නාවික හමුදාවේද සහය ඇතිව අනතුරට පත් යාත්‍රාවේ සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම රැගෙන ඒමට කටයුතු කරන ලදි.

අදාල ගමනට විදෙස් ජාතිකයින්ද සහභාගී වී ඇති අතර අනතුරට පත් යාත්‍රාෙව් අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද වාර්ථා වෙයි.

අනතුරට පත් යාත්‍රාෙව් මගීන් වෙනත් යාත්‍රාවකින් රැගෙන එන අයුරු
මගීන් ජැටියට රෙැගෙන ඒමෙන් පසුව

Latest