Skip to content

ඉන්දියාවෙන් ගෙනා බීඩි කොළ තොගයක් හලාවතදී කොටු වෙයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට බෝට්ටුවකින් රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 581 ක් හලාවත - ජයබිම ප්‍රදේශයේදී නාවුක හමුදා නිලධරීන් විසින් තම බාරයට ගෙන ඇත. බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවද නාවුක හමුදා නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

08 වැනිදා දහවල් මෙම වැටලීම  සිදු කර ඇත.

වැටලීම කරන අවස්ථාවේදී බීඩි කොළ තොගය රැගෙන යාත්‍රාව පදවමින් සිටි සැකකරු කලපුවට පැන පලා ගොස් ඇත.

තම බාරයට ගෙන ඇති බීඩි කොළ තොගය කටුනායක ගුවන් තොටුපලට බාර දීමට කටයුතු කර ඇති බව වැටලීම කළ නාවුක හමුදා නිලධාරීන් සදහන් කරයි.

Latest