Skip to content

ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව මෙරට රැදීසිටි බංගලිදේශ ජාතිකයෙක් අත්අඩංගුවට.

අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගෙන නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි බව කියන බංගලිදේශ ජාතිකයෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලිස් වසමේ අගුළුව ප්‍රදේශය තුළ සැකකටයුතු විදේශීය ජාතිකයෙකු සිටින බවට වූ තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී කාලයේ ලැබී ඇත. ඒ අනුව එම ප්‍රදේශයට ගොස් ඇති මාරවිල පොලීසියෙ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් සිෆෝන් නම්වූ බංගලිදේශ ජාතිකයා සතුව විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇත.එම විදේශ ගමන් බලපත්‍රය 2015 නොවැම්බර් මස 24 වෙනිදා එහි වලංගු කාලය අවසන් වී තිබී ඇත.ඒ අනුව සැකකරුට මෙරට රැදී සිටීමට විද්ශ ගමන් බලපත්‍රයක් මෙන්ම වීසා ද නොමැති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත. විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය අවසන් වීමෙන් අනතුරුව සැකකරු මෙරට නීති විරෝධී ආකාරයට රැදී සිට ඇති බව පොලීසිය කියයි.එමෙන්ම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශ වල වාසය කර ඇති බවත්, විමර්ශණ වලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නීති විරෝධී ලෙස රැදී සිට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ බවත්, දුම්මලසූරියේ පදිංචිවී සිටින තම අනියම් බිරිද හමුවීමට ගොස් ආපසු යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් මාරවිල පොලීසිය කියයි.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest