Skip to content

අන්තරේ පාගමනට වාරණ නියෝගයක්!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී අද (07) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 13 දෙනෙකුට එරෙහිවයි එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

කොල්ලුපිටිය,කොම්පඤ්ඤවීදිය සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එලෙස වාරණ නියෝගයක් ලබා දී තිබේ.

එම වාරණ නියෝගයට අනුව අරලියගහ මන්දිරය,අග්‍රාමාත්‍ය කාර් යාලය, ජනාධිපතිගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර් යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමුවදොර වටරවුම සිට එන් එස් ඒ වටරවුම දක්වා මාර් ගයට ඇතුළුවීම වළක්වා ඇත.

Latest