Skip to content

සුළු පියාගේ පහරදීම් නිසා 09 හැවිරිදි දරුවෙක් නිවසින් පලායයි.

තම සුළු පියාගේ පහර දීම් ඉවසා දරා ගත නොහැකි තැන නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09 ක් වන පිරිමි දරුවෙකුව තම බාරයට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

නාදුනන පිරිමි දරුවෙකු ප්‍රදේශය තුළ සැරිසරමින් සිටන බවට වන තොරතුරක් තාරවිල්ලුව ප්‍රදේශවාසියෙකු විසින් මුන්දලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත. එම තොරතුර අනුව තාරවිල්ලුව ප්‍රදේශයට ගොස් ඇති පොලිස් නිලධාරීන් සැරිසරමින් සිටි දරුවාව තම බාරයට ගෙන ඇත.

තමන් පුත්තලම - තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්,මවගේ දෙවැනි සැමියා වන සුළු පියා විසින් නිතර පහර දීම නිසා නිවසින් හොර රහසේ පැමිණි බවද දරුවා පොලීසිය හමුවේ පවසා ඇත.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

''ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දී වගකිවයුතු පුරවැසියකුගේ යුතුකම ඉටුකරන්න.''

Latest