Skip to content

මගුල් ගෙදර ගින්නෙන් මියගිය ගනන 94ක්.

100 කට අධික පිරිසක් තවමත් රෝහලේ..!

(Updated)

උතුරු ඉරාකයේ නිනෙවේ පළාතේ මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට හසුවීමෙන් නිශ්චිතවම  පුද්ගලයින් 94 ක් මියගොස් ඇති බව ඉරාක මාධ්‍ය වාර්තා කර තිබේ.

එහෙත් මෙහි මුල් වාර්තාවලදී Nineveh හි නියෝජ්‍ය ආණ්ඩුකාර Hassan al-Allaq උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනේ මියගිය ගනන 113 ක් බවයි. රෝහල්ගත කර ඇති අතර තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද ඉරාක මාධ්‍ය පෙන්වා දෙයි.

අනතුර හේතුවෙන් මනාල යුවලද මියගොස් ඇති බවට මුල්වර්තා වල සදහන් වුවද මේ වන විට තහවුරුව ඇත්තේ මනාළ යුවලට ජීවතුන් අතර සිටින බවයි.

ගින්න හට ගන්නා අවස්තාවේ මනාළ යුවල නර්තනයේ යෙදෙමින් සිටි අයුරු

ඉරාකයේ උතුරු නිනෙවේ පළාතේ කරකෝෂ් හි පිහිටි මෙම ශාලාවේ සිය ගණනක් ජනයා උත්සවයට සහභාගිවෙමින් සිටියදී එම ශාලාව පුරා ගින්න පැතිර ගොස් තිබේ.

ගින්නට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් ශාලාව ආවරණය කරන ලද අධික ලෙස දැවෙන ලෝහ සහ ප්ලාස්ටික් සංයුක්ත පැනල් ගින්නට ඉන්ධන සපයා ඇති බව අනාවරණය කර ගෙන තිබේ.  

INA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් ඉරාකයේ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ, “ ගින්න නිසා ශාලාවේ කොටස් කඩා වැටීමට හේතු වී ඇත්තේ අධික ලෙස දැවෙන සුළු, අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් නිසා" බවයි.

එම හදිසි ගින්න සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමත්‍යාංශ බලධාරීන්ට තමන් දැනුම්දී ඇති බව සිය X හි ( කලින් ට්විටර් ලෙස හැඳින්වූ ) පල කර තිබේ.

ආරක්ෂක අංශ විසින් බදාදා දින එම ස්ථානයේ කාර්ය මණ්ඩලය, එහි හිමිකරු සහ ගිනිකෙළිවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අල්-හම්දානියා ලෙසින් හැඳින්වෙන කරකෝෂ් හි සුසාන භූමියක මියගිය පුද්ගලයින් 40 කට වැඩි පිරිසකගේ අවමංගල්‍යය කටයුතු සිදුකර තිබේ.

Latest