Skip to content

කොළඹ සිට විනාඩි 70 ගුවනින් යාපනයට යන්න පහසුකම් සැලසේ..

කොළඹ යාපනය අතර මගි ගුවන් සේවයක් ආරම්භ කිරිමට david pieris aviation හා fite aviation සමාගම් දෙක මගින් ගුවන් යානා පහසුකම් සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපල කළමණාකාර අරුණ පීරිස් මහතා පවසයි.

මගීන් 12 දෙනෙකුට එක් අයෙකුට කිලෝ 7.5 බරක් සහිත බෑගයක් රැගෙන යාහැකි CESSNA 208 වර්ගයේ කුඩා ගුවන් යානා  මේ  සඳහා යොදවා ඇත. සෑම සතියකටම දින හතරක් යාපනය හා කොළඹ අතර ගුවන් සේවය ක්‍රියාත්මක වේ ගතවන කාලය පැයකුත් විනාඩි 10 කි.

සෙනසුරාදා ඉරිදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින හතර තුල රත්මලාන සිට යාපනයටත් යාපනය සිට කොළඹටත් ගමන් කිරිමේ පහසුකම් සැලසෙන අතර යාම සහ ඊම් වලදි වැඩි පහසුකම් සැලසෙන බවද ගුවන්තොටුපල කළමාකාරිත්වය සඳහන් කලේය.

Latest