Skip to content

කුවේටයේ රැඳී සිටි ලාංකිකයින් 62 ක් පිටුවහල්..

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ නීති විරෝධී ලෙස රැඳී සිටි ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් හැට දෙදෙනෙකු (62) තාවකාලික ගුවන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පිටුවහල් කර තිබේ.

මෙම පිරිස අද 28 අලුයම 5.00 ට J-9555 ජසීරා ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියහ.

මෙසේ පිටුවහල් කර ඇත්තේ  ගෘහ සේවය සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කර තිබූ නිවෙස්වලින් පලාගොස් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස පිටත රැඳී සිටිමින් වෙනත් විවිධ ස්ථානවල සේවයෙහි නිරතවූ පිරිසකි.

Latest