Skip to content

කුණාටුවකට හසුවූ මීගමුවේ ධීවරයන් හය දෙනෙක් නාව්ක හමුදාව බේරුවල මුහුදේදී බේරාගනී.

‌ ‌#නාවික හමුදාව විසින් බේරා ගත් ධීවරයින් පිරිස බේරුවලදී.



බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 6දෙනෙක් නාවික හමුදාව විසින් අදබේරාගනී .

ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ  භදයකපිපිරී යාම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් පැවති එම  හර්ෂණ චතුරංග 2 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින්ව මෙලෙස බේරාගැනීමට  නාවික හමුදාව කටයුතු කළ බව නාවික හමුදාවේ බේරුවල වෙරල ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පැවසීය.

එම පිරිස මේ වනවිට නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ආ බව ද නාවික හමුදාව නිවේදනය කරයි.

පසුගිය 12 වනදා ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාව මීගමුව ධීවර වරායෙන් රැකියාව සඳහා මුහුදු ගොස් තිබු බවත්

ඒ අනුව  (13) අලුයම් කාලයේ දී බේරුවල මුහුදු සීමාව ආසන්නයේදී එම යාත්‍රාව අනතුරට ලක්ව තිබේ. එම යාත්‍රාවේ සිටි ධීවරයන්  හිමිකරු දැනුවත් කර  තිබෙන අතර ඒ අනුවබහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව මගින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි බේරුවල මුහුදු ප්‍රදේශය වෙත යොමුකර තිබේ

අනතුරුව, එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස්, ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හයදෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර තිබේන  බව වැඩිදුරටත් පැවසීය.

Latest