Skip to content

ජපානයට 6.2 ක භූකම්පනයක්. සුනාමි අවධානමක් නැහැ.

ජපානයේ ටෝකියෝ නැගෙනහිර ප්‍රදේශයේ චීබා ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ 6.2 ක භූ කම්පනයක් 26 සවස සිදුව ඇති බවට එරට මාධ්‍ය වාර්ථා කොට ඇත.

භූකම්පනයක් සිදුවුනද මේ වනතුරුත් සුනාමි අවධානමක් නොමැති හෙයින් සුනාමි අනතුරු ඇඟවීම් සිදුනොකිරීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර ටෝකියෝහි චීබා ප්‍රාන්තයට නැගෙනහිරින් කිලෝමීටර් 50 ක් පමණ වූ නුදුරින් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇතැයි වාර්ථා වෙයි.

භූකම්පනය හේතුවෙන් චීබා ප්‍රාන්තයේ කොෂි, ඉබ්රාකි, කමිසු යන ප්‍රදේශයන් බලපෑමට ලක් වූ අතර එහි මාර්ග වලට හා ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබුණි. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල සිදුවීමක් වාර්ථා වී නොමැති අතරම ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගොස් තිබුණි.

ජපනය බොහෝ අවස්ථාවල මෙලෙස භූකම්පනයන් අත්විඳන අතර මේ නිසාම යාපනයේ සියලු ගොඩනැගිලි භූකම්පනයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාන්‍ය කිරීමටද එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර බොහෝ අවස්ථාවන්හි සාමාන්‍ය වැසියන්ද භූකම්පනයකට ආරක්ෂිතව මුහුණ දෙන ආකාරයන් පිළිබඳවද විවිධ පෙරහුරු වැඩසටහන්ද සිදුකරනු ලබයි.

මේ අතර අද දින රිච්ටර් මාපකයේ 6.2 ක් වාර්ථා වූ චීබා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ මීට පෙර මේ මසම 11 වනදාද රිච්ටර් මාපකයේ 5.2 ක භූකම්පනයක් සිදුවුනු බවටද ජපාන මාධ්‍ය වාර්ථ මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest