Skip to content

පිළියන්දල ප්‍රදේශයක ඩෙංගු අවදානම් ස්ථාන 59ක්

පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයට අයත් පළිගෙදර අබේරත්න මාවතේ ඊයේ  (13) දවසපුරා  සිදු කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහනේදී  මදුරු කීටයන් බෝවීමේ අවදානම් ස්ථාන 59ක් හඳුනා ගෙන ඇත.  මින් එක් නිවසක පිහිටි ලිඳක් තුල මදුරු කීටයන් බහුල ලෙස බෝවී සිටිනුද දක්නට ලැබින.

ළිදෙන් ලබා ගත් ජල සාම්පලයක් 

බස්නාහිර පළාත තුල  ඩෙංගු රෝගීන් විශාල ලෙස වාර්ථාවී ඇති එක් ප්‍රදේශයක් ලෙස පිළියන්දල  සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශය හඳුනා ගෙන ඇත.

ලිඳේ ජල සාම්පල ලබා ගනිමින් 

මේ හේතුවෙන්  ඊයේ දින එම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් පළිගෙදර ප්‍රදේශයේ  සිදු කරන ලද පරීක්ෂා කිරීමේ කටයුතු අතතුර මෙම අවදානම් ස්ථාන 59 හඳුනා ගත් අතර ඉන් මදුරු කීටයන් බහුල ලෙස රැඳී සිටි  ස්ථාන 6ක් හඳුනා ගැනින. එම ස්ථාන වල නිවැසියන් සඳහා නීතිමය කටයුතු සිදු කළ අතරම තවත් අක්‍රමවත් ලෙස ජලය රැඳෙන තැන් පවත්වා ගෙන ගිය හිමිකරුවන් 12 දෙනෙකු වෙත රතු නිවේදන නිකුත් කිරීම ද සිදු විය.

මෙම පරීක්ෂා කිරීම් සඳහා පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් , ඩෙංගු මර්ධන නිලධාරීන් , පිළියන්දල පොලීසිය , සහ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ද සහභාගී විය.

Latest