Skip to content

සරසවි ආචාර්යවරු 519 ක් සේවය හැර ගිහිල්ලා

2021 වසරේ සිට 2023 වසර දක්වා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

මීට අමතරව ආචාර්යවරුන් 663 දෙනකු එම කාලසීමාවේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව ඇමැතිවරයා කීය.

කොන්ත්‍රාත් , බාහිර සහ තාවකාලික පදනම යටතේ සේවය කරන ආචාර්යවරුන් ගණන 6745 ක පිරිසක් සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , මහාභාණ්ඩාගාරය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවත් විශ්‍රාම ගිය සහ සේවය හැරගිය හැර ගිය පිරිස වෙනුවට පිරිසක් බඳවා ගන්න කටයුතු කරගෙන යන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

Latest